Rohana Weerasinghe feat. Deepika Priyadarshani Pieris - Egeya Oba Den Songtexte

Songtexte Egeya Oba Den - Rohana Weerasinghe




ඇගේය ඔබ දැන්
ඇගේය සිරුරින්
ඇගේය
මගේය එනමුත්
මගේය හදවත
මගේය
අගේය කඳුලැලි නැගේය
මගේය ඔබ නම්
මගේය සැමදා මගේය
ඔබ මට ජලධාරාවක් වගේය
සීතල ජලධාරාවක් වගේය
ජලධාරාවම දැන් ඇගේය
එනමුත් ජලයේ සිසිලස මගේය
ජලයේ සිසිලස මගේය
ඇගේය ඔබ දැන්
ඇගේය සිරුරින්
ඇගේය
මගේය එනමුත්
මගේය හදවත
මගේය
අගේය ඔබ මට
අගේය කඳුලැලි නැගේය
මගේය ඔබ නම්
මගේය සැමදා මගේය
ඔබ මට මිණි වීණාවක් වගේය
කොකනද මිණි වීණාවක් වගේය
මිණි වීණාවම දැන් ඇගේය
එනමුත් වීණා නාදය මගේය
වීණා නාදය මගේය
ඇගේය ඔබ දැන්
ඇගේය සිරුරින්
ඇගේය
මගේය එනමුත් මගේ



Autor(en): Rohana Weerasinghe


Attention! Feel free to leave feedback.