Sangeeth Wijesuriya - Nandana Sihina Songtexte

Songtexte Nandana Sihina - Sangeeth Wijesuriya




නන්දන සිහින ගඟේ ප්රේම දියේ නාලා මකරන්ද පියරු ගාලා
චන්දන ඇල්ල වගේ ආල සිනා පාලා නැලවෙන්න මිහිර දීලා
කුංකුම සුවඳ උරා දිස්වෙන ලීලා
අංජන සිසිල නුරා ඇස්වල ගාලා
දෑතෙ බැඳී හාදු දිදී
ලැමට වෙලී ඉඳලා
දෙතොලේ කොනක් සෙමින් හපලා
ඔබ ආයෙත් ඇසක් කොනට කරලා
යන්තම් හොරෙන් මදෙස බලලා
මට ඩිංගක් සිනාසෙන්න ඕනා
නන්දන සිහින ගඟේ ප්රේම දියේ නාලා
මකරන් පියරු ගාලා
චන්දන ඇල්ල වගේ ආල සිනා පාලා
නැලවෙන්න මිහිර දීලා
නලවලා ගස්සලා
මෙහෙ බලන්න හැරිලා
හිනැහිලා මට කියන්න
ආදරේද කියලා
මී පැණින් නාවාලා
සූකිරිත් ගාවාලා
සිහිනයක් පෙන්නාලා
ආයෙමත් කොඳුරාලා
ආදරෙයි ආදරෙයි
කියන්නකෝ ලංවීලා
දෙතොලේ කොනක් සෙමින් හපලා
ඔබ ආයෙත් ඇසක් කොනට කරලා
යන්තම් හොරෙන් මදෙස බලලා
මට ඩිංගක් සිනාසෙන්න ඕනා
නන්දන සිහින ගඟේ ප්රේම දියේ නාලා
මකරන්ද පියරු ගාලා
චන්දන ඇල්ල වගේ ආල සිනා පාලා
නැලවෙන්න මිහිර දීලා
පියඹලා නියඟලා
වද මලක්ද නෙලලා
අන්දලා බන් දලා
හැඩ බලන්න හිතිලා
මීදුමත් ශෘංගාරයි
දේදුනුත් රන් පැහැයයි
පාලුවත් නැති ගානයි
ආදරේ පෙර සේමයි
ආදරෙයි ආදරෙයි
සිඹින්නකෝ ලංවීලා
දෙතොලේ කොනක් සෙමින් හපලා
ඔබ ආයෙත් ඇසක් කොනට කරලා
යන්තම් හොරෙන් මදෙස බලලා
මට ඩිංගක් සිනාසෙන්න ඕනා
නන්දන සිහින ගඟේ ප්රේම දියේ නාලා
මකරන්ද පියරු ගාලා
චන්දන ඇල්ල වගේ ආල සිනා පාලා
නැලවෙන්න මිහිර දීලා
කුංකුම සුවඳ උරා දිස්වෙන ලීලා
අංජන සිසිල නුරා ඇස්වල ගාලා
දෑතෙ බැඳී හාදු දිදී
ලැමට වෙලී ඉඳලා
දෙතොලේ කොනක් සෙමින් හපලා
ඔබ ආයෙත් ඇසක් කොනට කරලා
යන්තම් හොරෙන් මදෙස බලලා
මට ඩිංගක් සිනාසෙන්න ඕනා




Sangeeth Wijesuriya - Best of Sangeeth Wijesuriya
Album Best of Sangeeth Wijesuriya
Veröffentlichungsdatum
06-08-2018




Attention! Feel free to leave feedback.