Amal Perera - Dakumkalu Sewanalle Lyrics

Lyrics Dakumkalu Sewanalle - Amal Perera




ළඟින් මගේ ඉඳින් නොයා
දැකුම්කළු සෙවණැල්ලේ
හදින් මගේ ඉඳින් නොයා
හැඟුම්බර සිතුවිල්ලේ
සොයා මා ආවා
මුළු ලොව පීරා
මුවගින් පෑ සිනා
මා සනසාලා
අනන්තෙන් ආවා
ළංවී කීවා
සැමදා මාගෙයි මගේමයි කියා
මා ගිය පා සටහන් මැකී ගියාවේ
මන්දාරම දිනිඳු සඟවන නියාවේ
රැකගන් සිතුවම ඇගෙ මුවග සිනාවේ
ගිනි ඇවිලීලයි හිරු එළිය ගෙනාවේ
ගිනි ඇවිලීලයි හිරු එළිය ගෙනාවේ
ළඟින් මගේ ඉඳින් නොයා
දැකුම්කළු සෙවණැල්ලේ
හදින් මගේ ඉඳින් නොයා
හැඟුම්බර සිතුවිල්ලේ
සොයා මා ආවා
මුළු ලොව පීරා
මුවගින් පෑ සිනා
මා සනසාලා
අනන්තෙන් ආවා
ළංවී කීවා
සැමදා මාගෙයි මගේමයි කියා
සැඩ මාරුතයේ රළ පහර බිඳින්න
ගංගාවට මුසුව සයුර සිපගන්න
කුමරෙකු එන දවසට නුඹ ගෙනයන්න
මේ ගීතය ආසිරි ගීයක් වන්න
මේ ගීතය ආසිරි ගීයක් වන්න
ළඟින් මගේ ඉඳින් නොයා
දැකුම්කළු සෙවණැල්ලේ
හදින් මගේ ඉඳින් නොයා
හැඟුම්බර සිතුවිල්ලේ
සොයා මා ආවා
මුළු ලොව පීරා
මුවගින් පෑ සිනා
මා සනසාලා
අනන්තෙන් ආවා
ළංවී කීවා
සැමදා මාගෙයි මගේමයි කියා



Writer(s): Sanuka Wickramasinghe



Attention! Feel free to leave feedback.