Chanuka Mora - 22 Aragalaya Lyrics

Lyrics 22 Aragalaya - Chanuka Mora



හිටගන්න එපා අද මේ මහ පොළොව උඩ
රැකගන්න තව රස්සාව දින දෙක තුනකට
හිනැහෙන්න බෝතලයක් අපි කඩමුද හවසකට
උඹ යන්නෙපා එක පැයකට ගාලු මුවදොරට
හීන මරයි
මේ දෙවනි මවයි
අපි දෙරණට පුදුම ණයයි
හීන මරයි
මේ දෙවනි මවයි
අපි දෙරණට පුදුම ණයයි
ලොකුවෙද්දි කියපන් ලං කරගෙන දරු මල්ලොන්ට
කාලෙ තිබ්බලු හිඟයක් කුස්සියේ අම්මලාට
පැය ගානක් තාත්තලා හිටියලු තෙල් පෝලිමක
මං ඒත් පුතේ ගියෙ නෑ ගාලු මුවදොරකොඩට
හීන මරයි
මේ දෙවනි මවයි
අපි දෙරණට පුදුම ණයයි
හීන මරයි
මේ දෙවනි මවයි
අපි දෙරණට පුදුම ණයයි
මිනිස්සුන්ගෙ දනය එක පවුලක් කනකොට
ඕගොල්ලො බලන් ඉන්නවා
ඒක නෙමෙයිනෙ මෙතන වෙන්න ඕනෙ
අපි තනි තනියෙන් වගකීම ගන්න ඕනෙ
නොගත්ත එකේ ප්රතිපලය තමයි
225ක් මේ රටට වෙන දේට වග කියන්නැත්තෙ
කාලයක් පුතේ රන් අකුරෙන් ලියවුන
මුලු දේශයක හඬක් නගපු ලෝකෙම කොනට
අපි දින්නෙ එක ලේ බිඳුවක් පොළොවට නොහෙලම
බොරු බින්න බැසි රජකාලෙ 22 අරගලය
හීන දිනයි
මේ දෙවනි මවයි
අපි දෙරණට පුදුම ණයයි
හීන දිනයි
මේ දෙවනි මවයි
අරගලයට ජය නියතයි
හීන දිනයි
මේ දෙවනි මවයි
අපි දෙරණට පුදුම ණයයි
හීන දිනයි
මේ දෙවනි මවයි
අරගලයට ජය නියතයි



Writer(s): Chanuka Moragoda


Chanuka Mora - 22 Aragalaya
Album 22 Aragalaya
date of release
22-04-2022




Attention! Feel free to leave feedback.