Chanuka Mora - Yaka Natanne Lyrics

Lyrics Yaka Natanne - Chanuka Mora




කන්ද උඩරටින් කොඩි ලෙළ දෙන්නේ
පිය හස්ති රජුන් මව් පොලව සිඹින්නේ
සක් නාදේ රාවේ නුවරට පණ දෙන්නේ
අපි හිරුට වැන්ද පෙළපතින් උපන්නේ
අපි හිරුට වැන්ද පෙළපතින් උපන්නේ
කන්ද උඩරටින් කොඩි ලෙළ දෙන්නේ
පිය හස්ති රජුන් මව් පොලව සිඹින්නේ
සක් රාවේ නාදේ නුවරට පණ දෙන්නේ
අපි හිරුට වැන්ද පෙළපතින් උපන්නේ
අපි හිරුට වැන්ද පෙළපතින් උපන්නේ
කෙහෙල් බඩයි ගොක් කොළ අතු රෑනයි රඹකැන් අඹ අතු පිදේණියේ
කොල්පාඩුවයි බුලත් පදෙයි කෝ සැඟවුණු අපේ කංකාරි බලේ
හේන් කපන් වැව් අමුණු බැඳන් රට සහලින් බර කල හෙළයන්නේ
ගුවන් තලෙන් පියසරන්න අපි සක්වලින් නුවණ ගත් හෙළයන්නේ
එහෙම තමයි හෙළ රට හෙළයන්නේ
එහෙම තමයි හෙළ රට අපේ දිව්වේ
එහෙම රටක ලේ උඹට තියෙන්නේ
උඹ එහෙම රටක ඇයි යකා නටන්නේ, හේ...
හේ, තත්ජිත්-තකජිත්, තත්ජිත්-තකජිත්, තත්ජිත්-දොන්නත්-තා
පහතරටින් ගුරුකම් විහිදෙන්නේ
වෙස් මූණු රහට සුදු මිනිසුන් එන්නේ
දෙවියන්ගේ රෝග සැම දුරු කරලන්නේ
යක් බෙරේ වැයෙනකොට ලේ කකියන්නේ
යක් බෙරේ වැයෙනකොට ලේ කකියන්නේ
මාතර, බෙන්තර, රයිගම ආරෙට දෙවොල් මඩුව නිසි හැඩගන්නේ
බිල්ලෙ යකා, කළු රීරි යකා ගහ දකිනා විට බියවන්නේ
අපිට නොහැකි වැඩ සැම කරන්න යක්කුන්ගෙන් වැඩ ගත් හෙළයන්නේ
රටක උරුමයට පණ පොවන්න ලේ බිම හෙලන්න වුණු හෙළයන්නේ
එහෙම තමයි හෙළ රට හෙළයන්නේ
එහෙම තමයි හෙළ රට අපේ දිව්වේ
එහෙම රටක ලේ උඹට තියෙන්නේ
උඹ එහෙම රටක ඇයි යකා නටන්නේ, හේ...
හේ, තත්ජිත්-තකජිත්, තත්ජිත්-තකජිත්, තත්ජිත්-දොන්නත්-තා



Writer(s): Chanuka Moragoda



Attention! Feel free to leave feedback.
//}