Kasun Kalhara - Suwanda Dena Mal Wane - Acoustic Version Lyrics

Lyrics Suwanda Dena Mal Wane - Acoustic Version - Kasun Kalhara




සුවඳ දෙන මල් වනේ, බිඟුන් බැඳිලා
කඳුලු බිඳු නිල් නුවන්, පුරා රැඳිලා
ඔබේ ළමැදේ සෙනේ මැදුරේ
සුසුම් නැගිලා
සුවඳ දෙන මල් වනේ, බිඟුන් බැඳිලා
කඳුලු බිඳු නිල් නුවන්, පුරා රැඳිලා
මේ නුරා සැඳෑ කලේ, සෝ සුසුම් හෙලා
ඈත තාරකා දිහා, නිල් නුවන් යොමා
ඔබේ සුපෙම්වතා, ඒවිදෝ බලා
නෑ පලේ තැවී හඬා, වේදනා දරා
වේදනා දරා
සුවඳ දෙන මල් වනේ, බිඟුන් බැඳිලා
කඳුලු බිඳු නිල් නුවන්, පුරා රැඳිලා
මේ ලොවේ දිනූ අපේ, ජීවිතේ කෙටියි
කාලයේ රහස් වසා, ජීවිතේ ගලයි
මේ කුලුත් පියා සලා, කුලින් කුලේ රැඳෙයි
ආදරේ අමා හැඟුම්, මා සිතේ නැගෙයි
මා සිතේ නැගෙයි
සුවඳ දෙන මල් වනේ, බිඟුන් බැඳිලා
කඳුලු බිඳු නිල් නුවන්, පුරා රැඳිලා
ඔබේ ළමැදේ සෙනේ මැදුරේ
සුසුම් නැගිලා
සුවඳ දෙන මල් වනේ, බිඟුන් බැඳිලා
කඳුලු බිඳු නිල් නුවන්, පුරා රැඳිලා



Writer(s): Kdk Dharmawardne, Rookantha Goonatillake


Attention! Feel free to leave feedback.
//}