Victor Rathnayake - Tharu Ath Akurin Lyrics

Lyrics Tharu Ath Akurin - Victor Rathnayake



තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත.
ඔබෙ සෙවන පමණි මිහිපිට ඇති එකම සම්පත.
තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත.
ඔබෙ සෙවන පමණි මිහිපිට ඇති එකම සම්පත.
මද පවන මොටද ඔබේ සුවඳ මුසුවී නැත්නම්.
සඳකිරණ මොටද ඔබ මගෙ තනියට ලඟ නැත්නම්.
එලි කරමි මගේ ලඟ ඇති ආදරයේ වත්කම්.
පැල්පත මට හොදයි මිහිරියෙ එක හිත ඇත්නම්...
තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත.
ඔබෙ සෙවන පමණි මිහිපිට ඇති එකම සම්පත.
තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත.
ඔබෙ සෙවන පමණි මිහිපිට ඇති එකම සම්පත.
කල්ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැනම පිය කතේ.
කල්පනා කල පමණ මට කල්පනාවක් නැතේ.
ඇඳිරියද මැණික හඳුනන ඇස් දෙකක් මට ඇතේ.
එනු මැනවි රස බලමු සෙවනක එකම පැල්පතේ...
තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත.
ඔබෙ සෙවන පමණි මිහිපිට ඇති එකම සම්පත.
තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත.
ඔබෙ සෙවන පමණි මිහිපිට ඇති එකම සම්පත.




Victor Rathnayake - Soka Sanasum
Album Soka Sanasum
date of release
21-02-2014



Attention! Feel free to leave feedback.