Athula Adhikari - Tharaka Pelin Eha (feat. Samitha Mudunkotuwa) paroles de chanson

paroles de chanson Tharaka Pelin Eha (feat. Samitha Mudunkotuwa) - Athula Adhikari




තාරුකා පෙළින් එහා සේද නිල් ගුවන් තලේ
ලෝකයයි සුරංගනා මනෝනන්ද පෙම්වන්තයෝ
එහේ ගිහින් ඉඳින්නලූ
ආදරේ සුරංගනා ලෝකයේ පහන්වැටේ
රත්තරන් පහන්තරු කරයි අන්න ආරාධනා
එහේ ඉඳින්න එන්නලූ ආදරේ කුමාරි හා
කඳු නිම්නේ අපි දෙන්නා තනිවීලා
සුුදු මීදුම් අප දෑතේ පැටලීලා
මේ සැන්දෑ පවනැල්ලේ හරි සීතයි
ඔබ මා ඉන්නෙ මිනිසුන්ගෙන් දුර ඈතයි
පෙම් සැඳෑව මේ සුරඟනා ලොවේ
යහන්තලා වේවිදෝ මන්දා
තාරුකා පෙළින් එහා සේද නිල් ගුවන් තලේ
රත්තරන් පහන්තරු කරයි අන්න ආරාධනා
එහේ ඉඳින්න එන්නලූ ආදරේ කුමාරි හා
අත් පටලා තුරු අතරින දිව යමුදෝ
සිරිපොද වැස්සේ අපි තෙමිලා ගුලි වෙමුදෝ
අපි දෙන්නයි සැන්දෑවයි කඳු රෑනයි
හමුවූ යාමේ මේ යාමේ මට සීතයි
පෙම් සැඳෑව මේ සුරඟනා ලොවේ
යහන්තලා වේවිදෝ මන්දා
තාරුකා පෙළින් එහා සේද නිල් ගුවන් තලේ
ලෝකයයි සුරංගනා මනෝනන්ද පෙම්වන්තයෝ
එහේ ගිහින් ඉඳින්නලූ
ආදරේ සුරංගනා ලෝකයේ පහන්වැටේ
රත්තරන් පහන්තරු කරයි අන්න ආරාධනා
එහේ ඉඳින්න එන්නලූ
එහේ හිඳින්න එන්නලූ
එහේ ගිහින් ඉඳින්නලූ
එහේ හිඳින්න එන්නලූ
එහේ ගිහින් ඉඳින්නලූ



Writer(s): Ajantha Ranasinghe, Mahinda Bandara


Attention! N'hésitez pas à laisser des commentaires.