Athula Adikari & Samitha Mudunkotuwa - Sada Tharu Mal paroles de chanson

paroles de chanson Sada Tharu Mal - Athula Adikari , Samitha Mudunkotuwa




සඳ තරු මල් මට දන් දුන්
මගේ රුසිරු නුඹ අරගන්
හිරු තෙදවන් මට දන් දුන්
මගේ ඔටුනු නුඹ ලාගන්
දායාද එයයි මගේ දෝණිට
අප දෙන්නාගේ
ගණ දෙවිඳුන් මට දන් දුන්
මගේ නුවණ නුඹ අරගන්
පතිනි මවුන් මට රැකදුන්
පතිනි බලය නුඹ අරගන්
දායාද එයයි මගේ දෝණිට
අප දෙන්නාගේ
සඳ තරු මල් මට දන් දුන්
මගේ රුසිරු නුඹ අරගන්
හිරු තෙදවන් මට දන් දුන්
මගේ ඔටුනු නුඹ ලාගන්
දායාද එයයි මගේ දෝණිට
අප දෙන්නාගේ
ඇල දොල ගං මට දන් දුන්
හදේ සිසිල නුඹ අරගන්
මහ වන විල් මට දන් දුන්
හිතේ සුවඳ නුඹ අරගන්
දායාද එයයි මගේ දෝණිට
අප දෙන්නාගේ
සඳ තරු මල් මට දන් දුන්
මගේ රුසිරු නුඹ අරගන්
හිරු තෙදවන් මට දන් දුන්
මගේ ඔටුනු නුඹ ලාගන්
දායාද එයයි මගේ දෝණිට
අප දෙන්නාගේ



Writer(s): Rohana Weerasinghe



Attention! N'hésitez pas à laisser des commentaires.