Chandralekha Perera - Gee Gayanawa Maath paroles de chanson

paroles de chanson Gee Gayanawa Maath - Chandralekha Perera



රෑ අහසේ හඳක් වෙන්න
ලොව පුබුදන ඉරක් වෙන්න
පුතුට දුවට හෙටක් දෙන්න
ගී ගයනවා මාත් ඔන්න
ගී ගයනවා මාත් ඔන්න
සේද වලාකුළක් වගේ හදවත මුදු නම්
රෝස මලක සුවඳ වගේ පැවතුම් ඇති නම්
දෑස දකින පවසන හැමදේ ඉමිහිරි නම්
ආදරේට ඔබ ලබනා නොවේය නැවතුම්
රෑ අහසේ හඳක් වෙන්න
ලොව පුබුදන ඉරක් වෙන්න
පුතුට දුවට හෙටක් දෙන්න
ගී ගයනවා මාත් ඔන්න
ගී ගයනවා මාත් ඔන්න
බඳුන් මොටද දිය ඇත්නම් දෝතින් බොන්න
රුවන් කුමට ඉගෙනුම මැණිකකි පළඳින්න
අනුන් වරද දකිනට පෙර හරි මග යන්න
සුරන් පවා පොළොවට එනු ඇත ලඟ ඉන්න
රෑ අහසේ හඳක් වෙන්න
ලොව පුබුදන ඉරක් වෙන්න
පුතුට දුවට හෙටක් දෙන්න
ගී ගයනවා මාත් ඔන්න
ගී ගයනවා මාත් ඔන්න



Writer(s): Bandula Nanayakkarawasam, Rohana Weerasinghe



Attention! N'hésitez pas à laisser des commentaires.