Mihindu Ariyaratne - Duwani paroles de chanson

paroles de chanson Duwani - Mihindu Ariyaratne



හිතෙනවා මමත්... පියෙකු වූවැයි
පෙර පෙම් කෙරූ ඇය මවක් වූව දවසේ...
කුලුඳුලේ ඇය වැදුවේ මගේ සිහිනේ...
හිමිනැතත් මට වන්නට... පිය උරුමේ...
නොවුනත් ඇය මගේ දුවනී...
අපි මැවූ... සිහිනේ... සිටියේ ඇයයි
අපි මැවූ සිහිනයේ නිම්හිම් සොයා...
අදවූනත් මා සිතින් යනෙනා නිසාආආආ...
නම නොදන්න මාගේ දූවනී...
මම නොදන්න මාගේ දුවනී...
අපගේ හීනේ හැඩකෙරූ කුමරී...
පෙම්වතී... ඇය පෙර මගේ ලෝකයේ...
වෙන්ව ගියේ අපි පිනක් මදිවී නොවේ...
ඇය මවක් වී... අද ගොඩනැගූ ලෝකයේ... ඇයත් ඔබවත් හදවතින් මගෙ වගේ...
දුර ඉඳන් හිතතුටින් ඉන්නම් බලා...
මා නැතත් ඔබ හොඳින් ඉන්නා නිසාආආආ...
මා නොදන්න මාගේ දුවනී...
මා නොදන්න මාගේ දුවනී...
අපගේ හීනේ හැඩකෙරූ කුමරී...
හිතෙනවා මමත් පියෙකුවුවැයි පෙර පෙම් කෙරූ ඇය මවක් වූව දවසේ...
කුලුඳුලේ ඇය වැදුවේ මගේ සිහිනේ...




Mihindu Ariyaratne - From the First Decade
Album From the First Decade
date de sortie
01-06-2018




Attention! N'hésitez pas à laisser des commentaires.