Raini Charuka - Me Mulu Ahasa (Live) paroles de chanson

paroles de chanson Me Mulu Ahasa (Live) - Raini Charuka




මේ මුළු අහස මා සතුයි
මේ මහ පොළොව මට නතුයි
ඔබ මා අසල හිඳීනම්
ඔබ මා අසල හිඳීනම්
ගහ කොළ ද, විල ද, ඇළ දොළ
බිඟු කැළ ද, විහඟ සමනල
මේ සියළු දෙය මගේ
ඔබ මා අසල හිඳීනම්
ඔබ මා අසල හිඳීනම්
සඳ සිනා සිසී
පායා එන්නේ
තරු නිවී, නිවී
යළි දිදුලන්නේ
මල් පිපී සැලෙන්නේ
ඉන් සුවඳ හමන්නේ
ඔබ මවෙත පැමිණි වගතුග රහසේ
දැනගෙනද කියා නොදනිමි සුහදේ
මේ මුළු අහස මා සතුයි
මේ මහ පොළොව මට නතුයි
ඔබ මා අසල හිඳීනම්
ඔබ මා අසල හිඳීනම්
ගහ කොළ ද, විල ද, ඇළ දොළ
බිඟු කැළ ද, විහඟ සමනල
මේ සියළු දෙය මගේ
ඔබ මා අසල හිඳීනම්
ඔබ මා අසල හිඳීනම්
දොල රිදී සිනා
නැග බැස යන්නේ
රළ හඬා වැටී
වෙරළට එන්නේ
මද පවන හමන්නේ
තුරු වදුලු සිඹින්නේ
ඔබ සසර පුරුදු ලෙස විත් රහසේ
මා අසළ රැඳුණු පසුවයි සුහදේ
මේ මුළු අහස මා සතුයි
මේ මහ පොළොව මට නතුයි
ඔබ මා අසල හිඳීනම්
ඔබ මා අසල හිඳීනම්
ගහ කොළ ද, විල ද, ඇළ දොළ
බිඟු කැළ ද, විහඟ සමනල
මේ සියළු දෙය මගේ
ඔබ මා අසල හිඳීනම්
ඔබ මා අසල හිඳීනම්
ඔබ මා අසල හිඳීනම්



Writer(s): Dilup Gabadamudali



Attention! N'hésitez pas à laisser des commentaires.