Raini Charuka feat. Windy Goonatillake - Sithin Sina Sisi (Live) paroles de chanson

paroles de chanson Sithin Sina Sisi (Live) - Raini Charuka , Windy Goonatillake




සිතින් සිනා සිසී
අතැඟිලි අල්ලලා
එන්න යන්න මල් මාවතේ
සවන් පුරා සෙමින්
රහසින් කියන්නදෝ
පුංචි ආදරේ කතන්දරේ
ආදරේ නමින්
දිලෙන පහනේ, පහන් සිලේ
දීප්ති බින්දුවයි, ඔබ නයනේ
පහන් වැටේ,
එළිය අප හා සිනාසුණා
යොවුන් ලොවේ හැඟුම් සුන්දරයි
සිතින් සිනා සිසී
අතැඟිලි අල්ලලා
එන්න යන්න මල් මාවතේ
සවන් පුරා සෙමින්
රහසින් කියන්නදෝ
පුංචි ආදරේ කතන්දරේ
රාත්රියේ රිදී
පොකුරු තරුවේ, ඇඳී තියේ
රත්තරන් රුවින්, පෙම් රේඛා
ජීවමාන වේ,
සුවඳ හිරිමල් යොවුන් වියේ
පෙමේ සුසුම් පවා සුන්දරයි
සිතින් සිනා සිසී
අතැඟිලි අල්ලලා
එන්න යන්න මල් මාවතේ
සවන් පුරා සෙමින්
රහසින් කියන්නදෝ
පුංචි ආදරේ කතන්දරේ
එන්න යන්න මල් මාවතේ
පුංචි ආදරේ කතන්දරේ



Writer(s): Rookantha Goonatillake



Attention! N'hésitez pas à laisser des commentaires.