Raini Charuka - Wisikkeruwa Sitha (Live) paroles de chanson

paroles de chanson Wisikkeruwa Sitha (Live) - Raini Charuka




විසික්කෙරුව සිත යළිත් අහුලගෙන
මැණික් කැටය ලෙස මගේ තුරුලට ගත්තා, දවසක්දා
අනන්තයට යන දිගන්තයට මඟ අලංකාර වෙයි
රැඳුණොත් ඔබ මා හා, ඔබ මා හා
නෙතේ කඳුළු හැර සිතේ සුසුම් බිඳ සිනා පුරෝගෙන
මුව හසරැලි කැන්දා, ඉමු සැමදා
මට සිළුටුයි සිත එය පාරන්න එපා
පෙම් ගඟ කළඹා බොර කරලන්න එපා
විසිතුරු මල් දැකලා, කලබල වෙන්න එපා
මා පමණයි ඔබ ළඟ ඉන්නේ සැමදා
පිවිතුරු සෙනෙහේ පමණින් මනිනු එපා
ලස්සන ලෝකය වරදින් දකිනු එපා
හිඳිනට සෙනෙහේ සිතින්, විඳිනට සුවේ ඉතින්
මා පමණයි ඔබ ළඟ ඉන්නේ සැමදා
විසික්කෙරුව සිත යළිත් අහුලගෙන
මැණික් කැටය ලෙස මගේ තුරුලට ගත්තා, දවසක්දා
අනන්තයට යන දිගන්තයට මඟ අලංකාර වෙයි
රැඳුණොත් ඔබ මා හා, ඔබ මා හා
නෙතේ කඳුළු හැර සිතේ සුසුම් බිඳ සිනා පුරෝගෙන
මුව හසරැලි කැන්දා, ඉමු සැමදා



Writer(s): Rookantha Goonatillake



Attention! N'hésitez pas à laisser des commentaires.
//}