Sunil Edirisinghe - Duve Numba Mage Pranayai текст песни

Текст песни Duve Numba Mage Pranayai - Sunil Edirisinghe




දුවේ නුඹ මගේ ප්රාණයයි
සැබෑ වුන සුභ සිහිනයයි
සෙනෙහසින් කුලගෙට පියනගන්නේ
සනුහරේ අභිමානයයි
දුවේ නුඹ මගේ ප්රාණයයි
සැබෑ වුන සුභ සිහිනයයි
සෙනෙහසින් කුලගෙට පියනගන්නේ
සනුහරේ අභිමානයයි
මන් මලක් ලෙස නුඹ නොහැදුවෙ
පෙති හැලි පරවෙන නිසාමයි
දුක දිනා හිනැහෙන හැටි දුවේ
නුඹ දැන උගත් පාඩම තමයි
මිල මුදල නිල බල යා නොදෙයි
මිල මුදල නිල බල යා නොදෙයි
කල හොදම විතරක් ඉතිරි වේ
කල හොදම විතරක් ඉතිරි වේ
දුවේ නුඹ මගේ ප්රාණයයි
සැබෑ වුන සුභ සිහිනයයි
සෙනෙහසින් කුලගෙට පියනගන්නේ
සනුහරේ අභිමානයයි
අප මී මුතුන් මිත්තන් එදා
සිය ලේ කදුළු දහඩිය පුදා
පරපුරෙන් පරපුරට රැගෙන
ගෞරවය මගෙ දුව තමා
නුඹ යන්නෙ හිස් දෑතින් නොවේ
නුඹ යන්නෙ හිස් දෑතින් නොවේ
ගෙනියන්නේ අභිමානයයි
ගෙනියන්නේ අභිමානයයි
දුවේ නුඹ මගේ ප්රාණයයි
සැබෑවුන සුභ සිහිනයයි
සෙනෙහසින් කුලගෙට පියනගන්නේ
සනුහරේ අභිමානයයි
දුවේ නුඹ මගේ ප්රාණයයි
සැබෑවුන සුභ සිහිනයයි
සෙනෙහසින් කුලගෙට පියනගන්නේ
සනුහරේ අභිමානයයි



Авторы: Rohana Weerasinghe



Внимание! Не стесняйтесь оставлять отзывы.
//}