The Gypsies - Kiyanne Gothala текст песни

Текст песни Kiyanne Gothala - The Gypsies




ඉස්සර මුතුන් මිත්තෝ
කල කී දේවල් ගැන
පම්පෝරි ගහලා වැඩක් නෑ
සුද්දා ගියාට පසු
බලයට ආපු ඇත්තෝ
මේ රටට කරපු දෙයක් නෑ
ගොල්ලෝ නොහිටියා නන්
තාමත් ගමන පයින්
ගැන කියලා වැඩක් නෑ
නිදහස නොදී අපට
සුද්දා හිටියා නන්
ලංකාවට මෙහෙම වෙන්නේ නෑ
කියන්නේ ගොතලා
අහන්නේ ඔහෙලා
කියන්නේ ගොතලා අද
බයිලා වලින්
කියන්නේ ගොතලා
අහන්නේ ඔහෙලා
කියන්නේ ගොතලා අද
බයිලා වලින්
මොන රජයක් ආවාත්
කවුරුන් රජ කෙරුවත්
බඩු මිල අඩු කරන්න බෑ
ලෝකෙන් ණයට අරන්
කන එක නවතිනකන්
රටකට පෙරට යන්න බෑ
ලිප්ටන් වට රවුමට
ඇවිල්ලා කෑගැහුවට
ලොක්කන්ට ඒවා ඇහෙන් නෑ
නීතිය බල්ලාට ගිය
මේ වගේ රටක් ඇතුලේ
සාමය රජ කරන්නේ නෑ
කියන්නේ ගොතලා
අහන්නේ ඔහෙලා
කියන්නේ ගොතලා අද
බයිලා වලින්
කියන්නේ ගොතලා
අහන්නේ ඔහෙලා
කියන්නේ ගොතලා අද
බයිලා වලින්
නැකතට වැඩ කෙරුවාට රට දියුණු වෙලා නෑ
ගණ බලලා නම තිබ්බාට සෙතක් වෙලා නෑ
බාර හාර පුද පූජා කරලා වැඩක් නෑ
කුහක සමාජයකට දෙයියන්ගේ පිහිට නෑ
කියන්නේ ගොතලා
අහන්නේ ඔහෙලා
කියන්නේ ගොතලා අද
බයිලා වලින්
පොඩ්ඩක් හිතලා
බලන්න ඔහෙලා
වැරදිද කියලා මට
හිතෙන හැටි
කියන්නේ ගොතලා
අහන්නේ ඔහෙලා
කියන්නේ ගොතලා අද
බයිලා වලින්
පොඩ්ඩක් හිතලා
බලන්න ඔහෙලා
වැරදිද කියලා මට
හිතෙන හැටි
කියන්නේ ගොතලා
අහන්නේ ඔහෙලා
කියන්නේ ගොතලා අද
බයිලා වලින්



Авторы: Chandradasa Fernando



Внимание! Не стесняйтесь оставлять отзывы.