Текст песни

සල් මල් වැල් ඔන්චිලි බන්දා ඔබ එහි හිඳුවන්නම්
සඳ සිහිලේ මීදුම් සෙවනට එක්කරගෙන යන්නම්
නෙතු කොන මා මෙතුවක් රැඳවූ කඳුළක් පිස ගන්නම්
දේදුනු රන් ඔන්චිල්ලේ ඔබ යන තැනකට එන්නම්
ඔබගේ දෑසේ දිලිදිලි රේඛා
මට කොඳුරයි ආදරෙන් "එන්නකෝ" කියා
තරුවෙන් තරුවේ පියමන් කරලා
සඳලුතලයේ රන් සඳේ ඉමු තුරුළ් වෙලා
සල් මල් වැල් ඔන්චිලි බන්දා ඔබ එහි හිඳුවන්නම්
සඳ සිහිලේ මීදුම් සෙවනට එක්කරගෙන යන්නම්
නෙතු කොන මා මෙතුවක් රැඳවූ කඳුළක් පිස ගන්නම්
දේදුනු රන් ඔන්චිල්ලේ ඔබ යන තැනකට එන්නම්
ජීවිතයම දැන් හරිම ලස්සනයි
මගේ තැවුල් ඈත දැන් පාවෙලා ගිහින්
ඔබ මගේ සෙවනින් නොයන්න කිසිදා
ඉගිළෙමු පෙම් ගී නදින් කුරුල්ලන් වෙලා
සල් මල් වැල් ඔන්චිලි බන්දා ඔබ එහි හිඳුවන්නම්
සඳ සිහිලේ මීදුම් සෙවනට එක්කරගෙන යන්නම්
නෙතු කොන මා මෙතුවක් රැඳවූ කඳුළක් පිස ගන්නම්
දේදුනු රන් ඔන්චිල්ලේ ඔබ යන තැනකට එන්නම්
සල්, මල්, වැල්...
ඔන්චිලි බන්දා ඔබ එහි හිඳුවන්නම්
සඳ සිහිලේ මීදුම් සෙවනට එක්කරගෙන යන්නම්
නෙතු කොන මා මෙතුවක් රැඳවූ කඳුළක් පිස ගන්නම්
දේදුනු රන් ඔන්චිල්ලේ ඔබ යන තැනකට එන්නම්
ලා-ලා-ලා, ලල්ලල, ලල්ලල, ලල්ලල, ලාල්ල-ලල්ලල්ලා
ලා-ලා-ලා, ලල්ලල, ලල්ලල, ලල්ලල, ලාල්ල-ලල්ලල්ලා
ලා-ලා-ලා, ලල්ලල, ලල්ලල, ලල්ලල, ලාල්ල-ලල්ලල්ලා
ලා-ලා-ලා, ලල්ලල, ලල්ලල, ලල්ලල, ලාල්ල-ලල්ලල්ලා

Авторы: Clarence Wijewardane, The Gypsies

Внимание! Не стесняйтесь оставлять отзывы.
Загрузка
Загрузка