Текст песни




ආශා නිරාශා මැවූ
ස්වප්න මායාවකී
ස්නේහේ ගඟුල්, ප්රේමේ තැවුල්
මැවූ ඉන්ද්රජාලේ ඇයයි
ආශා නිරාශා මැවූ
ස්වප්න මායාවකී
ස්නේහේ ගඟුල්, ප්රේමේ තැවුල්
මැවූ ඉන්ද්රජාලේ ඇයයි
දවාලන්න පෙම් මාරුතේ
ඇයයි ළංව ඉන්නේ සිතේ
නිවාලන්න දුක් ජීවිතේ
ඇයයි නිල්ල මල් මාවතේ
දිවා, රැයේ, මා ළඟයි
මගේ අරුම පෙම් අංගනා
ආශා නිරාශා මැවූ
ස්වප්න මායාවකී
ස්නේහේ ගඟුල්, ප්රේමේ තැවුල්
මැවූ ඉන්ද්රජාලේ ඇයයි
නෙතේ හැංගි හැංගී හිඳී
හිතේ ස්වර්ණ යානේ නිදී
මුවේ මන්ද හාසේ දිදී
මගේ නින්ද ආයේ බිඳී
දිවා, රැයේ, මා ළඟයි
මගේ අරුම පෙම් අංගනා
ආශා නිරාශා මැවූ
ස්වප්න මායාවකී
ස්නේහේ ගඟුල්, ප්රේමේ තැවුල්
මැවූ ඉන්ද්රජාලේ ඇයයි




Внимание! Не стесняйтесь оставлять отзывы.
Загрузка
Загрузка