Текст песни

☁☔
හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
අද නොපැමිණ අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් මුණ ගැසේවි හසඟනක් වෙසින්
වැසි වැටුණොත් සොඳුරු මොහොත අඳුරු වේ සැනින්
හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
අද නොපැමිණ අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් මුණ ගැසේවි හසඟනක් වෙසින්
වැසි වැටුණොත් සොඳුරු මොහොත අඳුරු වේ සැනින්
වීදි පුරා වතුර පිරෙයි
හෙමින් හෙමින් මුමුණ මුමුණ
ඇවිද යමි කෙසේ
තණ නිල්ලේ ගොහොරු සැදෙයි
කතා නැතිව අනන්තයට ඉගිළ යමි කෙසේ
හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
අද නොපැමිණ අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් මුණ ගැසේවි හසඟනක් වෙසින්
වැසි වැටුණොත් සොඳුරු මොහොත අඳුරු වේ සැනින්
අප සමුගත් පසු වසින්න
ගං හෝ වැව් ඉපිළ ඉපිළ ඉතිර යන තුරා
හෝරා දෙක තුනක් ඉන්න නෑවිත් වැහි වළා බඳේ කඩ ඉමෙන් මෙහා
හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
අද නොපැමිණ අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් මුණ ගැසේවි හසඟනක් වෙසින්
වැසි වැටුණොත් සොඳුරු මොහොත අඳුරු වේ සැනින්
හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
අද නොපැමිණ අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් මුණ ගැසේවි හසඟනක් වෙසින්
වැසි වැටුණොත් සොඳුරු මොහොත අඳුරු වේ සැනින්
දිගු කලෙකින් මුණ ගැසේවි හසඟනක් වෙසින්
වැසි වැටුනොත් සොඳුරු මොහොත අඳුරු වේ සැනින්
දිගු කලෙකින් මුණ ගැසේවි හසඟනක් වෙසින්
වැසි වැටුනොත් සොඳුරු මොහොත අඳුරු වේ සැනින්

Авторы: Sunil Ariyarathna

Внимание! Не стесняйтесь оставлять отзывы.
Загрузка
Загрузка