Keerthi Pasquel - Rantharu Payana Songtexte

Songtexte Rantharu Payana - Keerthi Pasquel




රන් තරු පායන අහස බලාගෙන
ඇයි ඔබ තව හිනැහෙන්නේ...
මගෙ හද දිනු ආදරය සොරාගෙන
වෙනෙකෙකු නොවැ අද ඉන්නේ...
මිහිර සොයාගිය මගෙ ජීවය දැන්
කදුලැලි හා ලතවන්නේ
සමාවෙයන් සොදුරියෙ තවමත් මා අතමයි වරද තියෙන්නේ...
පුරා රුවල බැද තනිව සයුර මැද
ඈත අතීතය දෙස බැලුවේ...
කොහේ සිටන් කොයිබට මා යාවිද
මට නම් නෑ වැටහෙන්නේ.
රන් තරු පායන අහස බලාගෙන
ඇයි ඔබ තව හිනැහෙන්නේ...
මගෙ හද දිනු ආදරය සොරාගෙන
වෙනෙකෙකු නොවැ අද ඉන්නේ...
පලා දෙපලු කර හදවත දැන් නම්
කාට එකතු කල හැක්කේ...
බලාගන්න සෙනෙහස තව ඔබ්ටයි
මා හද තුල හැම වේලේ.
රන් තරු පායන අහස බලාගෙන
ඇයි ඔබ තව හිනැහෙන්නේ...
මගෙ හද දිනු ආදරය සොරාගෙන
වෙනෙකෙකු නොවැ අද ඉන්නේ...
මිහිර සොයාගිය මගෙ ජීවය දැන්
කදුලැලි හා ලතවන්නේ
සමාවෙයන් සොදුරියෙ තවමත් මා අතමයි වරද තියෙන්නේ...
සමාවෙයන් සොදුරියෙ තවමත් මා අතමයි වරද තියෙන්නේ...
සමාවෙයන් සොදුරියෙ තවමත් මා අතමයි වරද තියෙන්නේ...





Attention! Feel free to leave feedback.