Pradeepa Dharmadasa - Soya Diyaw Mata Saranak Lyrics

Lyrics Soya Diyaw Mata Saranak - Pradeepa Dharmadasa




සොයා දියව්
සොයා දියව් මට සරණක්
මා අත ගන්නට පෙරුම් පිරූ යෞවනයන්
දකුණේ දී
උතුරේ දී
මරා දැමූයේ
තෙපි නොවේද පවුකාරයිනි
නීල වරල මතුවන නර කෙස් ගනිමි
බාල සුවඳ ආලේපන ගෙන උලමි
නීල වරල මතුවන නර කෙස් ගනිමි
බාල සුවඳ ආලේපන ගෙන උලමි
දෙ තන එරෙන කිරි දොවා ඉවතලමි
දෙ තන එරෙන කිරි දොවා ඉවතලමි
තෙපිටයි ඒ ශාපේ
පවුකාරයිනි
සොයා දියව්
සොයා දියව් මට සරණක්
මා අත ගන්නට පෙරුම් පිරූ යෞවනයන්
දකුණේ දී
උතුරේ දී
මරා දැමූයේ
තෙපි නොවේද පවුකාරයිනි
මැලවී නෙතු මහනෙල් නා දළු දෙතොලේ
ගිලිහෙයි පෙති සියපත වන් වත මඬලේ
මැලවී නෙතු මහනෙල් නා දළු දෙතොලේ
ගිලිහෙයි පෙති සියපත වන් වත මඬලේ
හදෙහි නැගෙන ගිනි කඳුලින් ඉවසමි
හදෙහි නැගෙන ගිනි කඳුලින් ඉවසමි
තෙපිටයි ඒ පාපේ
පව්කාරයිනි
සොයා දියව්
සොයා දියව් මට සරණක්
මා අත ගන්නට පෙරුම් පිරූ යෞවනයන්
දකුණේ දී
උතුරේ දී
මරා දැමූයේ
තෙපි නොවේද පවුකාරයිනි
පව්කාරයිනි



Writer(s): Rohana Weerasinghe


Attention! Feel free to leave feedback.