Lyrics Pipena Mal Valin - Niranjala Sarojini , Rathna Sri Wijesinghe
පිපෙන මල් වලින් අහන්න
ඇයි ද කියා පිපෙන්නේ
හමන සුළඟකින් අහන්න
ඇයි ද කියා හමන්නේ
ඇයි අපි විතරක් ආදරයට
හේතු ඔබට කියන්නේ
පිපෙන මල් වලින් අහන්න
ඇයි ද කියා පිපෙන්නේ
හමන සුළඟකින් අහන්න
ඇයි ද කියා හමන්නේ
ඇයි අපි විතරක් ආදරයට
හේතු ඔබට කියන්නේ
ගසටම හිතුනු දාක
මල් පිපෙනවා මිසක
කවුරුද මල් ගෙනැවිත්
තුරු සිරසේ පළඳවන්නේ
ආදරයයි සුවදට
පෙති විදහා පිපෙන්නේ
පිපෙන මල් වලින් අහන්න
ඇයි ද කියා පිපෙන්නේ
හමන සුළඟකින් අහන්න
ඇයි ද කියා හමන්නේ
ඇයි අපි විතරක් ආදරයට
හේතු ඔබට කියන්නේ
නොපෙනෙන මිහිරි හීන
ගිනියම් කුරිරු රෑක
සැනසුම් සුසුම් ඉපිද
සුළඟ වෙලා හමන්නේ
ආදරයයි සීතල දෑතින්
පිරි මදින්නේ
පිපෙන මල් වලින් අහන්න
ඇයි ද කියා පිපෙන්නේ
හමන සුළඟකින් අහන්න
ඇයි ද කියා හමන්නේ
ඇයි අපි විතරක් ආදරයට
හේතු ඔබට කියන්නේ

Attention! Feel free to leave feedback.