Sangeeth Wijesuriya - Adare Wadi Lyrics

Lyrics Adare Wadi - Sangeeth Wijesuriya




ආදරේ වැඩියි ඔබට වෙනදටත් වඩා
පාළුවේ හැඟුම් හදට දැනුනේ දැන් තමා
මවුබිමෙන් නුහුරු දේශයේ
පාළුවෙන් ගෙවන ජීවිතේ
ඔබ කෙරේ ආදරේ තව තවත් වැඩි කළා
ආදරේ වැඩියි ඔබට වෙනදටත් වඩා
පාළුවේ හැඟුම් හදට දැනුනේ දැන් තමා
සේයා රූ දකින වාරේ
නෙත් මානේ කඳුළු වෑහේ
සේයා රූ දකින වාරේ
නෙත් මානේ කඳුළු වෑහේ
හැඟුම් දවා හිතින් හඬා සුසුම් හෙළන්නේ
නිරන්තරේ ඔබේ දසුන් මැවී පෙනෙන්නේ
යළි දකින්නේ කවදදෝ
ආදරේ වැඩියි වෙනදටත් වඩා
පාළුවේ හැඟුම් හදට දැනුනේ දැන් තමා
මේ ගින්නෙන් දැවෙන කතරේ
සීමාවෙන් මිදුණු දවසේ
මේ ගින්නෙන් දැවෙන කතරේ
සීමාවෙන් මිදුණු දවසේ
ඉගිල්ලිලා ඉගිල්ලිලා සොයා ඇදෙන්නම්
සැපෙන් පිරී දුකින් තොර ලොවක් තනන්නම්
වෙහෙස වන්නේ නිසානේ
ආදරේ වැඩියි ඔබට වෙනදටත් වඩා
පාළුවේ හැඟුම් හදට දැනුනේ දැන් තමා
මවුබිමෙන් නුහුරු දේශයේ
පාළුවෙන් ගෙවන ජීවිතේ
ඔබ කෙරේ ආදරේ තව තවත් වැඩි කළා
ආදරෙයි ප්රියේ වෙනදටත් වඩා
පාළුවේ හැඟුම් හදට දැනුනේ දැන් තමා




Attention! Feel free to leave feedback.