Sangeeth Wijesuriya - Adari Lyrics

Lyrics Adari - Sangeeth Wijesuriya




ආදරේ සුව සොයා යද්දී ආදරී දිවයයි
ආදරේ සිත නතර වෙද්දී හැරී යලි එයි
සාගරේ රළ පෙරලි පෙරලී වෙරළ සුව විමසයි
සාගරේ වෙත බැලුම් හෙලමී
මිරිඟු පෙම සිහි වෙයි
මිරිඟු පෙම සිහි වෙයි
ඔබෙන් ඉල්ලූ ආදරය මට ඔබ නොදුන් හන්දා
ඇගෙන් ලංවූ සොඳුරු සෙනෙහස වෙත මං ගත්තා
ඉතින් ලඳුනේ වෙත වරදක් නැතැයි මට හැඟුණා
නැතැයි මට හැඟුණා
ආදරේ සුව සොයා යද්දී ආදරී දිවයයි
ආදරේ සිත නතර වෙද්දී හැරී යලි එයි
සාගරේ රළ පෙරලි පෙරලී වෙරළ සුව විමසයි
සාගරේ වෙත බැලුම් හෙලමී
මිරිඟු පෙම සිහි වෙයි
මිරිඟු පෙම සිහි වෙයි
ලඟින් ඉද්දී අගය නැතිවී නොවටිනා පරිදි
දුරින් ඉද්දී අගය දැනුනේ ඔබහටයි දුක් දී
ඉතින් පැරදී යන්න මට බෑ තව වරක් ලංවී
තව වරක් ලංවී
ආදරේ සුව සොයා යද්දී ආදරී දිවයයි
ආදරේ සිත නතර වෙද්දී හැරී යලි එයි
සාගරේ රළ පෙරලි පෙරලී වෙරළ සුව විමසයි
සාගරේ වෙත බැලුම් හෙලමී
මිරිඟු පෙම සිහි වෙයි
මිරිඟු පෙම සිහි වෙයි




Attention! Feel free to leave feedback.