Sangeeth Wijesuriya - Meemata Ba Lyrics

Lyrics Meemata Ba - Sangeeth Wijesuriya



මීමට බෑ මී බඳින්න
මී මැස්සට මෙන්
මීමට බෑ
මීමට බෑ
මීමට බෑ මී බඳින්න
මී මැස්සට මෙන්
දිවියට බෑ
දිවියට බෑ දිමියට මෙන් රිකිලි උඩ ගමන්
මාළුවාට උරුවම් බෑ
මාළුවාට උරුවම් බෑ
මාළුවාට උරුවම් බෑ
මටත් බෑ බොලං
මගෙන් තේරවිලි අහන්න දැන්
ආවොතින් කියම්
දෝසි, කලු දොදොල්, බූන්දි, කොකිස්, පැනි කැවුම්
ගෙම්බා දෙක දෙක දෙක කීවත් බෑනේ ඉලක්කම්
මැස්සට බෑ වස්සට මෙන් වලිගයෙන් සටන්
ගෙම්බා දෙක දෙක දෙක කීවත් බෑනේ ඉලක්කම්
මැස්සට බෑ වස්සට මෙන් වලිගයෙන් සටන්
බල්ලට බෑ සෙමෙන් ගමන් ගොළුබෙල්ලට මෙන්
කොවුලට බෑ සැවුල් නාද
මටත් බෑ ඉතින්
මගෙන් තේරවිලි අහන්න දැන්
ආවොතින් කියම්
දෝසි, කලු දොදොල්, බූන්දි, කොකිස්, පැනි කැවුම්
මගෙන් තේරවිලි අහන්න දැන්
ආවොතින් කියම්
දෝසි, කලු දොදොල්, බූන්දි, කොකිස්, පැනි කැවුම්
ගැරඬියාට පෙණයක් නෑ නාගයෙකුට මෙන්
කකුළුවාට වැඩක් නෑනේ මකුළු දැල් වියන්
ගැරඬියාට පෙණයක් නෑ නාගයෙකුට මෙන්
කකුළුවාට වැඩක් නෑනේ මකුළු දැල් වියන්
මිනිහට බෑ ඉගිල්ලෙන්න කුරුමිණියට මෙන්
නරියට බෑ කවි කියන්න
මටත් බෑ ඉතින්
මගෙන් තේරවිලි අහන්න දැන්
ආවොතින් කියම්
දෝසි, කලු දොදොල්, බූන්දි, කොකිස්, පැනි කැවුම්
මීමට බෑ
මීමට බෑ
මීමට බෑ මී බඳින්න
මී මැස්සට මෙන්
දිවියට බෑ
දිවියට බෑ දිමියට මෙන් රිකිලි උඩ ගමන්
මාළුවාට උරුවම් බෑ
මාළුවාට උරුවම් බෑ
මාළුවාට උරුවම් බෑ
මටත් බෑ බොලං
මගෙන් තේරවිලි අහන්න දැන්
ආවොතින් කියම්
දෝසි, කලු දොදොල්, බූන්දි, කොකිස්, පැනි කැවුම්
මගෙන් තේරවිලි අහන්න දැන්
ආවොතින් කියම්
දෝසි, කලු දොදොල්, බූන්දි, කොකිස්, පැනි කැවුම්
මගෙන් තේරවිලි අහන්න දැන්
ආවොතින් කියම්
දෝසි, කලු දොදොල්, බූන්දි, කොකිස්, පැනි කැවුම්
ආ, ආ, මගෙන් තේරවිලි අහන්න දැන්
ආවොතින් කියම්
දෝසි, කලු දොදොල්, බූන්දි, කොකිස්, පැනි කැවුම් ආ, ආ...




Sangeeth Wijesuriya - Best of Sangeeth Wijesuriya
Album Best of Sangeeth Wijesuriya
date of release
06-08-2018




Attention! Feel free to leave feedback.