Victor Rathnayake - Chanchala aduru lowe Lyrics

Lyrics Chanchala aduru lowe - Victor Rathnayake




චන්චල අඳුරු ලොවේ
නිසන්සල, සීතල පරම සුවේ
මිහිපිට තැනක තියේ, සොයා එමි
මම ඒ සෙවන පියේ
චන්චල අඳුරු ලොවේ
නිසන්සල, සීතල පරම සුවේ
මිහිපිට තැනක තියේ, සොයා එමි
මම ඒ සෙවන පියේ
පොලොව දෙදරවන ගිම්හානේ
ගතට ගිමන දෙන මද්දහනේ
පොලොව දෙදරවන ගිම්හානේ
ගතට ගිමන දෙන මද්දහනේ
ඇසිපිය හෙලනට ලැගුම් පතන්නෙමි
පිවිතුරු හදවත්මල් යහනේ
චන්චල අඳුරු ලොවේ
නිසන්සල, සීතල පරම සුවේ
මිහිපිට තැනක තියේ, සොයා එමි
මම ඒ සෙවන පියේ
නිසරු වියලි කලු වැලි කතරේ
මුමුණ මුමුණ යන දිය දහරේ
නිසරු වියලි කලු වැලි කතරේ
මුමුණ මුමුණ යන දිය දහරේ
සංසිඳවනු මැනහඬන පිපාසේ
බිඳුවක් රඳවා තොල් අතරේ
චන්චල අඳුරු ලොවේ
නිසන්සල, සීතල පරම සුවේ
මිහිපිට තැනක තියේ, සොයා එමි
මම ඒ සෙවන පියේ





Attention! Feel free to leave feedback.