Deepika Priyadarshani - Kobeiyane paroles de chanson

paroles de chanson Kobeiyane - Deepika Priyadarshani




කොබෙයියනේ
අළු කොබෙයියනේ
කොබෙයියනේ
අළු කොබෙයියනේ
තෝර පෙතේ
අර වැට ලග නිදන්නේ
මන්ද මා පුතු මගේ දෝතට නොදෙන්නේ
කොබෙයියනේ
අළු කොබෙයියනේ
බිනර කළුවරට ගම් දොර ගියේ නිදි වරා
පැලේ මිණි පහන රැක්කයි යහන් මත තියා
සුළං දොර ඇරන් ඇවිදින් අඳුර දී ගියා
කොයිද පුතු කොයිද නාවේ ඇයි පෙම්බරා
කොබෙයියනේ
අළු කොබෙයියනේ
හෝ හෝ හෝ... හෝ හෝ හෝ... හ්ම් හ්ම් හ්ම්
හ්ම් හ්ම්
යාය දෙගොඩ පාළුව ඇහැරිලා රෑ පුරා
තනා කුළුණු ගුණ සී පද පුතුට කියනවා
වහන් වී ගියත් නෙත පිට ඉන්න තැන කියා
එන්න පුතු මගේ දෝතට එන්න
පින් සරා
කොබෙයියනේ
අළු කොබෙයියනේ කොබෙයියනේ
අළු කොබෙයියනේ
තෝර පෙතේ අර වැට ළඟ නිදන්නේ
මන්ද මපුතු මගේ දෝතට නොදෙන්නේ
කොබෙයියනේ
අළු කොබෙයියනේ
කොබෙයියනේ
අළු කොබෙයියනේ



Writer(s): Rohana Weerasinghe



Attention! N'hésitez pas à laisser des commentaires.