Текст песни




පවට බරනුව දැකලා, පඬුපුලට සංකා
නොමැත සක් දෙයියා, අහෝ, අද
කව්රු අඳිනුද හාවා, රුදුරු දන බෝමා
නොමැත සක් දෙයියා, අහෝ, අද
ඉඳින් සඳෙහිම හාවා
බොහෝ සතුන් ඇත, බෝසතුන් නැත
පිරිහිලා ලොව, පිරිහීලා
වන විහඟ ලොව රජ පදවි ලැබ
ඉගිලෙනා බකමූණු රජා
සක් දෙවිඳු නැත, සිත්තමට ගෙන
අඳිනු බෑ අද සඳ සාවා
දුනු දිය අදින රුදුරු නර කැළ
වඩිනු එපා, අද වඩිනු එපා
තහනමේම මල් ගෙන, ආවා හඳ වෙත සකි ඇන්ද හාවා හමුවෙන්න
හඳ පෙන්නලා, කළා හාවා දුප්පත් මිනිසා පොලොවේ සක්විති, ඒකටයි දුක
අවංක වෙලා පැන්නා ගිනි මගට, දන්නේ දැවෙනකොට
වෙලානේ අපි හාවෝ මේ හුස්මේ බදු ගෙවන
වැඳගෙන එන්නේ බෝසතුන් නෙමේ පෝසතුන් වෙන්න
බොහෝ සත්තු, බෝසත් වෙස් ගෙන
එදා සිට රත්කළ එක තමා කළේ පුටු
ඔක්කොම සක්විතිවරු හම්බකරං මාරු
අපි අසරණයි රටේ
කාලෙන් කාලෙට කඬුපුලේ සක්විතිවරු පොර කතේ
එදා වගේ අද ගින්නට පැන්නොත් ඉන්නේ මරු කටේ
ඉන්න බෑ පොලොවේ, ඒකයි ආවේ මං හඳේ
මලක් අරගෙන එහෙනං ඉමු හාවො පොලොව බලං
තෙලි තුඩද බිම හෙළුවා, නුඹේ රුව ඇඳලා
ගියා සක් දෙයියා, අහෝ, අද
අඳින්නට වාගේ, කෙනෙක් නැත ලෝකේ
ඉඳින් හැම කාලේ සඳේ මැද
සිනා සී මේ වාගේ
බොහෝ සතුන් ඇත, බෝසතුන් නැත
පිරිහිලා ලොව, පිරිහීලා
වන විහඟ ලොව රජ පදවි ලැබ
ඉගිලෙනා බකමූණු රජා
සක් දෙවිඳු නැත, සිත්තමට ගෙන
අඳිනු බෑ අද සඳ සාවා
දුනු දිය අදින රුදුරු නර කැළ
වඩිනු එපා, අද වඩිනු එපා
ඇත පෑනක් ඇත්ත ලියන්න බැරුව
වැදි බණ වේදිකාවේ පන්සලේ නොව
කටුමැටි ගේ දුක දෝංකාරය
ඇහුන් නෑ කළු වීදුරු ඇතුලට
දුප්පතාගේ වෙන්නේ කුස පස්සට
සක්විති තුමාගෙ කුස ඇයි පෙරට
තේරෙන දින රටේ ඔලුවලට
අපි මියැදුනු තැන ගස් නැත පුත



Авторы: Chandrasena Thalangama, Charitha Attalage



Внимание! Не стесняйтесь оставлять отзывы.
Загрузка
Загрузка