Rohana Weerasinghe feat. Chamika Sirimanne - Api Wen Wena Tharamata текст песни

Текст песни Api Wen Wena Tharamata - Rohana Weerasinghe




අපි වෙන් වෙන තරමට කියනා දේවල්
කොහොමද උහුලා ගන්නේ
අපි වෙන් වෙන තැනටම කටයුතු වෙනකොට
කොහොමද බල බල ඉන්නේ
අපි එක්වුනු මතකය සිහියට එන විට
කඳුලුයි දෑස තෙමන්නේ
මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැම විට
මනසයි වන්දි ගෙවන්නේ
හිතන්න බෑ හිත කීරී ගැහෙනවා
ඔය සුදු මුහුණ මතක් වී
සිඹින්න බෑ මුව අහක බලනවා
මගෙ මුව එක්ක තරහ වී
කියන්න බෑ අපෙ ආදර කතාව
කඳුලුත් එක්ක සිනා සී
සොයන්න බෑ තව ඔයා වගෙ කෙනෙක්
ආදරෙ කරන්න පෙර සේ
අපි වෙන් වෙන තරමට කියනා දේවල්
කොහොමද උහුලා ගන්නේ
අපි වෙන් වෙන තැනටම කටයුතු වෙනකොට
කොහොමද බල බල ඉන්නේ
සුන්දර සිනාව හුරතල් හිනාව
දකින්න ආසයි අදුරේ
දැවටුනු හැටි ආදරෙයි කියා මට
දැනෙනවා කිති කැවි යහනේ
තොල් පෙති සිඹින්න ආසයි ඇත්තට
තුරුලට ගෙන ඔබ පෙර සේ
ආදරේ කියන්න තව එක සැරයක්
වෙන් වී යන්නට මත්තෙන්
අපි වෙන් වෙන තරමට කියනා දේවල්
කොහොමද උහුලා ගන්නේ
අපි වෙන් වෙන තැනටම කටයුතු වෙනකොට
කොහොමද බල බල ඉන්නේ
අපි එක්වුනු මතකය සිහියට එන විට
කඳුලුයි දෑස තෙමන්නේ
මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැම විට
මනසයි වන්දි ගෙවන්නේ



Авторы: Rohana Weerasinghe


Внимание! Не стесняйтесь оставлять отзывы.