Текст песни Epaa Thawath Oba - Rohana Weerasinghe
එපා තවත් ඔබ මා රවටන්නට
ඇගේ සෙවන මුදු මල් යහනාවක් නම්
ඒ මල් යහනේ ඔබ සැතපෙනු මැනවි
අඳුරු මතකයෙන් මට සමුදෙනු මැනවි
තව මොහොතක් හෝ මේ පෙම් රංගනයේ
නිළියක වනු පල නෑ
ප්රේමය කිමදැයි ඔබෙන් උගතමුත්
එහිම අරුත ඔබ තව වටහාගෙන නෑ
එපා තවත් ඔබ මා රවටන්නට
ඇගේ සෙවන මුදු මල් යහනාවක් නම්
ඒ මල් යහනේ ඔබ සැතපෙනු මැනවි
අඳුරු මතකයෙන් මට සමුදෙනු මැනවි
මිරිඟු දියක යා මුවැත්තියක විලසින්
තව දිව යනු රිසි නෑ
අවසන් පෙම් කඳුලත් පුදදුන් පසු
ඔබට පුදන්නට මා ළඟ සෙනෙහස නෑ
එපා තවත් ඔබ මා රවටන්නට
ඇගේ සෙවන මුදු මල් යහනාවක් නම්
ඒ මල් යහනේ ඔබ සැතපෙනු මැනවි
අඳුරු මතකයෙන් මට සමුදෙනු මැනවි

Внимание! Не стесняйтесь оставлять отзывы.