Rohana Weerasinghe feat. Lakshman Wijesekara - Ethi De Ethi Satiyen текст песни

Текст песни Ethi De Ethi Satiyen - Rohana Weerasinghe




ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු
ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සු
ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු
ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සු
පොළවේ මිහි සයනේ ගොඩනැගූ මිනිස්සු
කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සු
පොළවේ බිම අහසේ ඉම බෙදන ලෝකයේ
දහමේ ගුණ පත්ඉරු තුළ නිදන යාමයේ
පොළවේ බිම අහසේ ඉම බෙදන ලෝකයේ
දහමේ ගුණ පත්ඉරු තුළ නිදන යාමයේ
ඉඳහිට හෝ සපැමිණ සිත් සතන් සැනැස්සූ
කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සු
ඉතිරී ගිය ඉසුරින් නෙතු වැසුණු කාලයේ
දිවියේ දුක විඳිනා දන නොදුටු ලෝකයේ
ඉතිරී ගිය ඉසුරින් නෙතු වැසුණු කාලයේ
දිවියේ දුක විඳිනා දන නොදුටු ලෝකයේ
සෙත්කවි සේ ළඟ සිට සිත් සතන් සැනැස්සූ
කරුමේ කිම වඳවෙන සඳු සදිසි මිනිස්සු
කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සු
කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සු
කරුමේ කිම වඳවෙන සඳු සදිසි මිනිස්සු



Авторы: Rohana Weerasinghe



Внимание! Не стесняйтесь оставлять отзывы.