Текст песни




වඩු වැඩෙන් දිවි රකීන
බොහො දුකින් කල් ගෙවන දුප්පතේකි මං
වඩු වැඩෙන් දිවි රකීන
බොහො දුකින් කල් ගෙවන දුප්පතේකි මං
කිසිම හැඩක් නැති මැලීය
අරගෙන මං කරන විරිය
කපලා කොටලා ඉරලා මැනලා හදන ලී බඩු
යේ... වඩු වැඩෙන් දිවි රකීන
බොහො දුකින් කල් ගෙවන දුප්පතේකි මං
තේක්ක බුරුත නැදුන් කලුවර ලෑලී
ගෙනල්ලා සැදු බඩු කාගෙත් මනලෝලී
විචිත්ර ලිය මල්කම් කැටයම් පේලී
දමාපු අල්මාරිද හොද බඩු මේ ලී
පුටු සදන් සිත් තුටීන
කද බැදන් කරට ගේන කොළඹ ගෙන යමි
එහිදී මගේ පුටු සියල්ල විකුනුවොතින් මෙමට ලොල්ල
මගේ මූණේ සිනා රැල්ල වැඩි වෙලා යතී
වඩු වැඩෙන් දිවි රකීන
බොහො දුකින් කල් ගෙවන දුප්පතේකි මං
කියතද යතු කැටයද නියනද බුරුමේ
යොදාලා සැදු ලී බඩු පෙන්වයි අරුමේ
වඩු වැඩ රැකියාවකි ගරු සරු ඇති මේ
මොරටුව ඉපදුන අප සැම ලද උරුමේ
වඩු වැඩෙන් දිවි රකීන
බොහො දුකින් කල් ගෙවන දුප්පතේකි මං
වඩු වැඩෙන් දිවි රකීන
බොහො දුකින් කල් ගෙවන දුප්පතේකි මං
කිසිම හැඩක් නැති මැලීය
අරගෙන මං කරන විරිය
කපලා කොටලා ඉරලා මැනලා හදන ලී බඩු
වඩු වැඩෙන් දිවි රකීන
බොහො දුකින් කල් ගෙවන දුප්පතේකි මං
දැන් අත බැලු බැලු තැන රට හැම පැත්තේ
පිටරට වලට පවා යවනවා ඇත්තේ
තියෙනවා කල් පැවැත්ම ඉහලම තත්වේ
ඒකයි මෙහෙ ලී බඩු මුල් තැන ගත්තේ (මොරටුව)
මුල් තැන ගත්තේ
වඩු වැඩෙන් දිවි රකීන
බොහො දුකින් කල් ගෙවන දුප්පතේකි මං
වඩු වැඩෙන් දිවි රකීන
බොහො දුකින් කල් ගෙවන දුප්පතේකි මං
කිසිම හැඩක් නැති මැලීය
අරගෙන මං කරන විරිය
කපලා කොටලා ඉරලා මැනලා හදන ලී බඩු
වඩු වැඩෙන් දිවි රකීන
බොහො දුකින් කල් ගෙවන දුප්පතේකි මං
වඩු වැඩෙන් දිවි රකීන
බොහො දුකින් කල් ගෙවන දුප්පතේකි මං
-R.U.W-



Авторы: Hemasiri Halpita



Внимание! Не стесняйтесь оставлять отзывы.
Загрузка
Загрузка