Kasun Kalhara feat. Indrachapa Liyanage, Nadeeka Guruge & Krishan Wickramasinghe - Adure Songtexte

Songtexte Adure - Kasun Kalhara , Indrachapa Liyanage




අඳුරේ මැදියමේ
නිදිවරා වැපිරූ සිහිනේ
කඳුළු අතුරා
පුලිඟු සැඟවූ සිහිනේ
මොහොතක් ගැවසෙන්න
අහම්බෙන්වත් හමු වී යමුද
වචනයක් කියනවද
තව එක දවසක් ගෙවාගන්න
සිහින අතැර ගිය ජීවිතේ
මරණ ආගාධයේ තනිකමේ
හිඳිමි මම ඔබද එය දන්නවා
සිහින සොහොන ළඟ ජීවිතේ
නොමළ සිත සමඟ තනිකමේ
හිඳිමි මම ඔබද එය දන්නවා
මොහොතක් ගැවසෙන්න
අහම්බෙන්වත් හමුවෙමුද
වචනයක් කියනවද
තව එක දවසක් ගෙවාගන්න
සොඳුරු ලෝකාන්තය මුදුනතේ
මතක භෂ්මයන් හද දරා
හිඳිමි මම ඔබද එය දන්නවා
නොඑනා රිදුවක බර දරා
අහිමි හුස්මකට ලය අයා
හිඳිමි මම ඔබද එය දන්නවා
මොහොතක් ගැවසෙන්න
අහම්බෙන්වත් හමුවෙමුද
වචනයක් කියනවද
තව එක දවසක් ගෙවාගන්න





Attention! Feel free to leave feedback.