Raini Charuka - Bolpini Waahena (Live) Lyrics

Lyrics Bolpini Waahena (Live) - Raini Charuka




බොල් පිනි වෑහෙන වේලාවේ
ඔබගෙන් සමුගෙන යා යුතු වේ
තාමත් ඔබ ඇත සුව නින්දේ
ඒකයි මා නොකියා යන්නේ
බොල් පිනි වෑහෙන වේලාවේ
ගැල පිට නැගලා ඈත ගම් බලා
පියමං කර යන්නේ
තවත් නිවහනෙක ගිමන් නිවන තුරු
ඔබ සිහියට එන්නේ
ඔබගෙන් සමුගෙන මා යන්නේ
ඔබ අවදිව මා සොයනු එපා
ඈතයි මා ඉන්නේ
තවලං කරුවෝ කවර දාක දෝ
එකම තැනක උන්නේ
බොල් පිනි වෑහෙන වේලාවේ
ඔබගෙන් සමුගෙන යා යුතු වේ
තාමත් ඔබ ඇත සුව නින්දේ
ඒකයි මා නොකියා යන්නේ
බොල් පිනි වෑහෙන වේලාවේ



Writer(s): Rookantha Goonatillake


Attention! Feel free to leave feedback.