Charitha Attalage - Rahat Himiwarun (feat. Ravi Jay & Dhyan Hewage) текст песни

Текст песни Rahat Himiwarun (feat. Ravi Jay & Dhyan Hewage) - Charitha Attalage




රහත් හිමිවරුන් උඩින් වඩිනවා
වී පැදුරට හෙවනැල්ල වැටෙනවා
සිරිමහා බෝපත් බුදු බණ ලියවී
පාවි යනවා වැව් සුළඟේ
කහමල් පොකුරු වගේ
රන්මැලි සෑ රදුනේ
කහමල් පොකුරු වගේ
රන්මැලි සෑ රදුනේ
(නමෝ තස්ස භගවතෝ අරහතො සම්මා සම්බුද්ධස්ස)
(නමෝ තස්ස භගවතෝ අරහතො සම්මා සම්බුද්ධස්ස)
(නමෝ තස්ස භගවතෝ අරහතො සම්මා සම්බුද්ධස්ස)
(නමෝ තස්ස භගවතෝ අරහතො සම්මා සම්බුද්ධස්ස)
දෑස වසාගත්තා මං
මනසින් හොයන්න නිමාවක් (නිමාවක්)
මාර සේනා වලකනකන්
ඇත්ත හොයාගෙන යනවා
මිසදෙටුවෙකු වෙයිද මං (වෙයිද මං)
මිසදෙටුවෙකු නෙමෙයි මං (නෙමෙයි මං)
ඇත්ත මට වැටහෙනකන්
ඇත්ත හොයගෙන යමි මං
බුදුන් දැක නිවන් දකින්න මේ සසරින්
දැක්ක පමණින් යන්නෙ කෙසේද නිවන් සැනෙකින්
සැප රථෙන් ඇවිත් අතහැරිම ගැන දෙසුවේ
බණ අපෙ සාදු නිවන් දුර නිසා
මම ලෙඩ ඇඳේ මරණෙ ඉන්නෙ ගන්න බලන්
අම්මෙ අඬන්නෙ ඇයි මේ පිළිමෙට වැඳන්?
අඹපු රූපෙට දැනේද අම්මගෙ හිතෙ දුක
දුකේ හේතුව අපිව ඉපදුව එක නේද
සෙත් පතන් මා අතේ බැඳ පිරිත් නූල
දුටුවා මස් කඩේ මුදලාලි අතේද
ප්රාණගාතෙ පව් නම් මරුවෙක් ඇයි නූල බැඳන්
ආරක්ෂා වෙන්න ඕනි ප්රාණේ මරුවගෙන් නේද
හිතේ කහටක් නැත්තන්, කාටවත් ගිනි දෙන්නැත්තන්
ඉන්නකන් හොඳින් දැන්, ඇයි මං යන්නෙ පන්සල් ගන්න සිල්
ඇත්ත ඇති සැටියෙන් දකින්න සිවුරක් ඕනෙම ද?
මේ මනසින් ගැලවෙන්න මනසින් හිතන්නයි ඕන
මහා විහාරෙ මහ සඟරුවනේ
මුවින් නැගේ බුදු ගුණ වරුණාවේ
තව කප් දහසක් අප හට පිහිටයි
දොරින් දොරට පිඬු සිඟා වඩිනු මැන
කහමල් පොකුරු වගේ
රන්මැලි සෑ රදුනේ
කහමල් පොකුරු වගේ
රන්මැලි සෑ රදුනේ
(නමෝ තස්ස භගවතෝ අරහතො සම්මා සම්බුද්ධස්ස)
(නමෝ තස්ස භගවතෝ අරහතො සම්මා සම්බුද්ධස්ස)
(නමෝ තස්ස භගවතෝ අරහතො සම්මා සම්බුද්ධස්ස)
(නමෝ තස්ස භගවතෝ අරහතො සම්මා සම්බුද්ධස්ස)



Авторы: Charitha Attalage


Внимание! Не стесняйтесь оставлять отзывы.