Clarence Wijewardena - Maniyanee текст песни

Текст песни Maniyanee - Clarence Wijewardena




මෑණියනී හද සෙවණ ගෙනෙන
නිවන ඔබ තමා
මා ළයෙහී සුව මිහිර මවන
පහන ඔබ තමා
ජීවිතයේ මා සොඳුරු මිහිරි
සිහින ඔබ තමා
මෑණියනී ඔබෙ දෙපය අසල
වඳිමි දණ නමා
ඔබෙ හසරැලි ඔබෙ කඳුළැලි
මට දැක පුරුදුයි
ඔබෙ උදහස ඔබෙ අදහස
මට හුරුපුරුදුයි
සිරුර පුරා දිවයන සුවඳ සුපුරුදුයි
සිරස නමමි ඔබෙ නාමය
සදා පිවිතුරුයි
මෑණියනී හද සෙවණ ගෙනෙන
නිවන ඔබ තමා
මා ළයෙහී සුව මිහිර මවන
පහන ඔබ තමා
ජීවිතයේ මා සොඳුරු මිහිරි
සිහින ඔබ තමා
මෑණියනී ඔබෙ දෙපය අසල
වඳිමි දණ නමා
වඳිමි දණ නමා
වඳිමි දණ නමා
වඳිමි දණ... නමා




Внимание! Не стесняйтесь оставлять отзывы.