Clarence Wijewardena - Sandak Basa Giya текст песни

Текст песни Sandak Basa Giya - Clarence Wijewardena




සඳක් බැස ගියා අවරගිරේ ඉරක් උදා කරලා
මටත් ලොවක් තිබුණා මතකයි මම ඉමි සිහි කරලා
දෙළුම් මල් පිපුණු දෙවැට දිගේ පාසල් ගිය කාලේ
මල් වගේ සිනාසුණු කෙල්ලන් හා මතකයි මගේ බාලේ
විවේකයක් ලද විටදි අපි දුවපැන ඇවිදිනවා
ගණන් තමයි මගෙ සිතට වදේ නිතරම වරදිනවා
ගමේ පාසලේ වැඩක අපි පෙරමුණ ගෙන යනවා
තවත් වරක්
තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් මම යනවා
ඉමක් කොනක් නැති අහස වගේ කෙළිලොල් දිවිය මගේ
මලක් පිපී සුවඳින් පිරුණාසේ මුහුණේ සිනහ රැඳේ
දුකක් සිතේ දැනුනේ නෑ මා හට අද මට දැනෙණු වගේ
තවත් වරක්
තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් හරිම අගේ
දෙළුම් මල් පිපුණු දෙවැට දිගේ පාසල් ගිය කාලේ
මල් වගේ සිනාසුණු කෙල්ලන් හා මතකයි මගේ බාලේ
මල් වගේ සිනාසුණු කෙල්ලන් හා මතකයි මගේ බාලේ
පොඩි කාලේ
යසිත් මදුෂංක





Внимание! Не стесняйтесь оставлять отзывы.
//}