Rohana Weerasinghe feat. Nirosha Virajini - Sinathotak Viya (feat. Nirosha Virajini) текст песни

Текст песни Sinathotak Viya (feat. Nirosha Virajini) - Nirosha Virajini , Rohana Weerasinghe




සිනා තොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්
නොහඩා ඉන්නම් ගිලිහුණු දා පෙම් ලොව මල්දම්
දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං
දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං ...
බෝසත් ඔබ සිත ලග උවැසිය වී දැහැනට වී
සිටියා මිස නොදනිමි කොහි සිටියාදැයි මලවී
පුදසුන් මත මිය යද්දී සහසක් මල් පරවී
නොපිදූ මල තවමත් ඇත ඔබ ගැන බැති බරවී
මගෙන් මිදුණු ලොව ඔබට මිහිරිනම් එය සැපකී
ඔබට ලංව දුක බෙදා ගන්න බැරි බව දුකකී
මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකි
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී
සිනා තොටක් විය ඔබ පාමුල මා ලද සරදම්...



Авторы: Rohana Weerasinghe


Внимание! Не стесняйтесь оставлять отзывы.