Текст песни




අදුර බිදින්නට රැයක් දවාලු
ලන්තෑරුම් නිවලා
තිමිරයෙ තිරකඩ අරුණෙහි බිද හැර
හිරු තව දවසක් ගෙනැවිල්ලා
අදුර බිදින්නට රැයක් දවාලු
ලන්තෑරුම් නිවලා
තිමිරයෙ තිරකඩ අරුණෙහි බිද හැර
හිරු තව දවසක් ගෙනැවිල්ලා
මතකය නම් වූ මලපොත පෙරලා
මලගිය ඊයේ සිහිපත් කල මැන
පැතූ පැතුම් අත් මිට මොලවාගත්
දැතෙහි දසගිලි දිග හැරලනු මැන
එහි මොනවද ඇත්තේ කිසිත් නැත
හිස් බවකිය ඇත්තේ
අදුර බිදින්නට රැයක් දවාලු
ලන්තෑරුම් නිවලා
තිමිරයෙ තිරකඩ අරුණෙහි බිද හැර
හිරු තව දවසක් ගෙනැවිල්ලා
සමුදුරු ගිරිහෙල් දෙරණ තලා මැද
යවුවන විය පියවර තබනා සද
හිස්වන පද විත සපුරා ගන්නට
මියැසි විරාමය යලි පැමිණී ඇත
අරුමෙකි පැවසෙන්නේ
එපමනයි. පිලිසරණය වන්නේ
අදුර බිදින්නට රැයක් දවාලු
ලන්තෑරුම් නිවලා
තිමිරයෙ තිරකඩ අරුණෙහි බිද හැර
හිරු තව දවසක් ගෙනැවිල්ලා




Внимание! Не стесняйтесь оставлять отзывы.
Загрузка
Загрузка