Songtexte




උණුහුම මදි වගේ නම්
උණු කඳුලක දැවටෙන්නම්
හදවත ගැහෙනා සරින් මා නැලවෙන්නම්
මට නිදිමත වෙනකන්
තුරුලේ හැඟෙන්නම් දෑඟිලි නලල පුරා සිතුවම් අඳිමින්
හිරිවැටුණු මගේ දෙතොලේ සීතල නැති කරලා
හැංඟිච්ච ඔය සුසුමේ උණුහුම මට දීලා
හද ගැස්ම අද ඔබේ නම් හොඳටම වැඩිවීලා
කුළුඳුල් හැගුමේ රස දී
මට නිදිමත වෙන් නෑ
කිමදෝ මම දන් නෑ
ඔබ ළඟ ඉන්නා විට ඇස් පිය වෙන්නෑ යන්නට දෙන්නට බෑ
අද නම් තනිවනු බෑ
තුරුලේ මියැදෙන්නට මට අවසර නම්
හිරිවැටුණු මගේ දෙතොලේ සීතල නැති කරලා
හැංඟිච්ච ඔය සුසුමේ උණුහුම මට දීලා
හද ගැස්ම අද ඔබේ නම් හොඳටම වැඩිවීලා
කුළුඳුල් හැගුමේ රස දී





Attention! Feel free to leave feedback.
Wird geladen
Wird geladen