Clarence Wijewardena - Kiri Muhuda Lyrics

Lyrics Kiri Muhuda - Clarence Wijewardena




කිරි මූද කළඹාලා ගෙනා මගේ කුඩා පුතුටයි
මුතු මාළිගාවෙන් මා ගෙනා මගේ කුඩා පුතුටයි
කිරි මූද කළඹාලා ගෙනා මගේ කුඩා පුතුටයි
මුතු මාළිගාවෙන් මා ගෙනා පැතුම් මගේ පුතුටයි
ගීතයයි මලයි සීන ලෝකයයි
රන්තරුයි සඳයි පුතේ ඔබේ තමයි
සීනෙකින් ඔබේ දෙතොල් සැලී තිබේ
තරු මෙන් ගුවන් ගැබේ දිලෙයි දෙනෙත් ඔබේ
කිරි මූද කළඹාලා ගෙනා මගේ කුඩා පුතුටයි
මුතු මාළිගාවෙන් මා ගෙනා පැතුම් මගේ පුතුටයි
තාත්තගේ සිතේ පැතුම් පිරී ඇතේ
අම්මගේ සිතේ සෙනෙහෙ පිරී ඇතේ
ඔබේ කුඩා නෙතේ කැළුම් බැලුම් පුතේ
සදා අපේ සිතේ රැඳී තිබෙයි පුතේ
කිරි මූද කළඹාලා ගෙනා මගේ කුඩා පුතුටයි
මුතු මාළිගාවෙන් මා ගෙනා පැතුම් මගේ පුතුටයි
හා... ආ. හා... හා... හා...
හා. හා. හා...
හා... හා... හා...
හා... ආ. හා... හා... හා...
හා. හා. හා...
හා... හා... හා...
හා... ආ. හා... හා... හා...
හා. හා. හා...
හා... හා... හා...



Writer(s): Clarence Wijewardena


Attention! Feel free to leave feedback.